5th April 2026
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 02 දින පනාගොඩ, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්විනු ලැබීය. එහිදී ධූරයෙන් නික්ම යන කර්නල් සේනාවිධායක විසින් සිදුකරනු ලැබූ සේවය සහ ආදර්ශමත් නායකත්වය ඇගයීමට ලක්කරන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නික්ම යන කර්නල් සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එමෙන්ම, රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙතද පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව, ‘Sappers' Way Forward’ යන මාතෘකාව යටතේ සිය වසර 35 ක සේවා කාලය තුල ලබාගත් උපායමාර්ගික අවබෝධය සහ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විය. එමෙන්ම, සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූ අතර, එහිදී නික්ම යන කර්නල් සේනාවිධායක වෙත එම බලකාය වෙනුවෙන් ඉටුකළ සේවය අගය කරමින් උපහාරය දැක්වීය. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිස අමතමින් තමන් සමඟින් රාජකාරීන් සිදුකරනු ලැබූ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය කෘතවේදීත්වය පළ කළ අතර, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයෙකු ලෙස තමන් ඉටුකළ සේවය පිළිබඳව තමාගේ ගෞරවාචාරය සිහිපත් කළේය.