2026-06-05

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍ය වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 ජුනි මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී පවත්වනු ලැබීය.

මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

උත්සවය අතරතුරදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් රැස්ව සිටි නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ධුර කාලය තුළ ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන ලදී. ඉන්පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් තබා සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සහභාගී වූහ.