ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 21 දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පළකළහ. අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් තම සේවා කාලය තුළ සියලු නිලයන් වෙතින් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.