28th June 2025
ධූරයෙන් නික්ම යන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG වෙත 2025 ජුනි මස 21 දින එම සේනාංක මූලස්ථානයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරන ලදී.
ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති සමූහ ඡායාරූපයකට පෙනි සිටීමෙන් පසුව සේනාංක මූලස්ථානය ඉදිරිපිට නවතමයෙන් ස්ථාපනය කරන ලද මිමි 120 මෝටාර් අවිය විවෘත කරන ලදී.
අනතුරුව සේනාංකාධිපති සියලු නිලයන් අමතමින්, තම ධූර කාලය තුළ සියලු නිලයන් කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව රාජකාරි කිරීම පිළිබදව සිය කෘතඥතාවය පළ කළේය.
උත්සවයේ වැඩකටයුතු අවසන් කරමින් සියලු නිල තේපැන් සංග්‍රහයක් පැවැත් වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.