2026-06-05
බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
විදුලිය පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් 2026 ජුනි මස 03 වන දින බටගොඩ වැඩිහිටි නිවාසයක ගින්නක් ඇති විය
යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 21 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, හොරණ ගිනි නීවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න සාර්ථකව පාලනය කරන ලදී.
එම මෙහෙයුම අතරතුරදී යුද්ධ හමුදා භටපිරිස් විසින් වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 49 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ආරක්‍ෂිතව ඉවත් කරන ලදී.