අබිෂා පුද්ගලික රෝහල වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථාය - වන්නි භටපිරිස් සඳහා වෛද්‍ය කඳවුරක්

යුද්ධ හමුදා සුවසහන අරමුදලේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සෙබළුන්ගේ අක්‍ෂි ආබාධ සහිත අයවලුන් සඳහා උපකාර කිරීමේ අරමුණින් මුදල් රහිත වෛද්‍යධාර ලබාගැනීමේ ප්‍රතිපත්තිය යටතේ අබිෂා පුද්ගලික රෝහල වෙතින් වෛද්‍ය කඳවුරක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී 2025 ජූලි මස 16 දින පවත්වන ලදී.

වැඩසටහන අතරතුරදී, අක්‍ෂි ආබාධ සහිත සෙබළුන් සඳහා අක්ෂි පරීක්‍ෂණ සිදු කරමින් ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත සෙබළුන් 50 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරන ලදී. අබිෂා රෝහලේ දෘෂ්ටි විශේෂඥයින් 06 දෙනෙකු මෙම වෛද්‍ය කඳවුර සඳහා සහභාගි වූ අතර, එහිදී ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා සෙබළුන් 150 දෙනෙකු ලියාපදිංචි කිරීමද සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා ආඥාපති මූලස්ථානය යටතේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සඳහා භටපිරිස් සහභාගි කරවන ලදී.