11th July 2025
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සිරිමංගලපුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස 2025 ජූලි මස 04 දින එම ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගි විය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සහ චමිල් ජයන් මහතා ඇතුළු දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.