59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc 59 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2025 ඔක්තෝබර් මස 21 දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.

සේනාංකය මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 5 සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව රාජකාරි භාරගැනීම සිදුකළ අතර, ඉන් පසුව, නව සේනාංකාධිපති විසින් සියලු නිලයන් අමතමින්, තම රාජකාරි අපේක්ෂාවන් ප්‍රකාශ කරමින් ඒ සඳහා සියලු භටපිරිස් හි අඛණ්ඩ කැපවීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. අනතුරුව, සේනාංකාධිපති ඒම සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවත්වමින් තම දැක්ම සහ සේනාංකයේ රාජකාරි ප්‍රමුඛතාව පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ අනෙකුත් නිලයන් සහභාගි වූහ.