2026-05-23
58 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
58 වන පාබල සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.එස්. ජයවර්ධන RSP ndc විසින් 2026 මැයි මස 19 දින සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
සේනාංක මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 6 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි නව සේනාංකාධිපති එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව භටපිරිස් ඇමතීම සිදු කළ සේනාංකාධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද එක් විය.
මෙම අවස්ථාව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.