3rd April 2026
54 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජී.එස්.කේ. පෙරේරා RSP ndc, 2026 මාර්තු මස 31 වන දින මන්නාරම, 54 වන පාබල සේනාංකයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
සේනාංක පරිශ්‍රය වෙත පැමිණි, නව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව, රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාර දක්වා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. එමෙන්ම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේනාංකයේ භට පිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.