53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යයි

53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 06 දින 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 32 වන සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි අවසන් කරමින් නික්ම යනු ලැබීය.

ප්‍රථමයෙන් ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව නික්ම යන සේනාංකාධිපති විසින් 53 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ඇති බලසේනා, බලඇණිවල සියලු භටපිරිස් අමන්ත්‍රණය කරන ලදී.