53 පාබල පාබල සේනාංකය (අතිරේක ප්‍රහාරක සේනාංකය) සිය 30 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 30 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 24 දින සමරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් ස්ට්‍රයිකර්ස් බේ පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. පසුව සංවත්සර දිනය නිමිත්තෙන් සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව 2025 අගෝස්තු මස 22 දින ඉනාමළුව ඉසිපතනාරාම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ බෝධි පූජා පිංකමක් සිදුකරනු ලැබීය. තවද, 2025 අගෝස්තු මස 24 දින ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.