51 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

51 පාබල සේනාංකයේ 36 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu 2025 ඔක්තෝබර් මස 18 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව, 14 බලඇණියේ ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව නව සේනාංකාධිපති විසින් මෙම අවස්ථාව සනිටුහන් කිරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. පසුව සියලු නිලයන් අමතමින් ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම සහ වෘත්තීයභාවය කෙරෙහි තම විශ්වාසය තබන බව නව සේනාකාධිපති විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට එම පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.