51 පාබල සේනාංකය 30 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

51 පාබල සේනාංකයේ 30 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 23 දින 51 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සමරන ලදී.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් සේනාංකාධිපතිවෙත 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට භටපිරිස් ඇමතීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සන්ද්‍යාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීය.

සංවත්සර උත්සවයට සමගාමීව 2025 අගෝස්තු මස 22 දින ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් එම සේනාංක විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජා පිංකමක් ද පවත්වනු ලැබීය.