13th September 2025
3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් භාවිතයෙන් ඉවත්කරන ලද යතුරුපැදි 16 ක් අළුත්වැඩියා කර 2025 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකක 16 ක් වෙත එම ඒකකයන්හි රාජකාරීන් සඳහා භාවිතා කිරීමට භාර දෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි සහභාගි විය. 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කාර්ය මණ්ඩලයේ තාක්‍ෂණික දැනුම සහ කැපවීම තුළින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරනු ලැබීය.