23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

23 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc විසින් 2025 ජුනි මස 23 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc වෙත 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, එම සේනාංකයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සේනාංකය සතු වගකීම් සහ කාර්යභාරයන් සබැඳිව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි දැනුවත් කළහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.