7th July 2025
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් 2025 ජූලි මස 04 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය යටතේ සාම සාධක රාජකාරී නිල වශයෙන් භාර ගන්නා ලදී.
16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයන් 125 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන් පී සිල්වා USP psc සහ දෙවන අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් බී.එම්.ඒ.අයි.යූ ඔබයසේන USP psc කටයුතු කරනු ලබයි.
මෙම කණ්ඩායමට මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුව ලත් සුනඛයින් සිව්දෙනෙකු ද ඇතුළත් වන අතර, එම සුනඛයින් ඉදිරි මෙහෙයුම් සඳහා යොදාගැනීමට නියමිතය.
ඒ අනුව ප්‍රධාන වශයෙන් 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම විසින් නකෞරා හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයට ආරක්‍ෂාව සැපයීම සහ අවශ්‍ය පරිදි ප්‍රභූ වරුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සිදුකරනු ලබයි.