2026-05-09
16 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි
16 වන පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එල්.ඩී. පෙරේරා RWP RSP USP, 2026 මැයි මස 02 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරීන් භාර ගන්නා ලදී.
මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 9 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
පසුව, නව සේනාංකාධිපති එම සේනාංකයේ සියලුම නිලයන් අමතමින්, තම ඉදිරි දැක්ම පැහැදිලි කළේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.