2026-05-08

14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu, 2026 මැයි මස 06 වන දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 9 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

පසුව, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව සේනාංකාධිපති වෙත තම වගකීම් ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් කරන ලද අතර, අනතුරුව නව සේනාංකාධිපති සියලුම නිලයන් ඇමතීය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් නව සේනාංකාධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වී ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.