16th September 2025
මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලයේ වාර්ෂික රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දිනය සැමරීමේ උත්සවය 2025 සැප්තැම්බර් මස 12 දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc සහභාගි විය.
උත්සවය සඳහා පාසල වෙත පැමිණි සේනාංකාධිපති වෙත පාසල් කෙඩෙට් කණ්ඩායම විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. මෙම උත්සවයට ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින්, සිසුන්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.