11th August 2025
1 බලකායේ නව බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 09 දින කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත එම බලකා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව බලකාධිපති වෙත 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිණමන ලදී.
අනතුරුව, නව බලකාධිපති සුභ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය. ඉන් අනතුරුව, නව බලකාධිපති එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපක් සඳහා ද පෙනී සිටියේය. පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ රාජකාරි ස්වභාවය සහ වගකීම් පිළිබඳව දැනුවත් කළේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.