ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත එම බලසේනාවේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 ජුනි මස 04 දින එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ධූරයෙන් නික්ම යන සේනාවිධායක වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය PWV නිලධාරීගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.
ඉන් අනතුරුව, සේනාවිධායක විසින් සිය කාර්යාලයේදී තම ධූරයේ රාජකාරින් භාර දී සිය රුව සහිත ඡායාරෑපය නිරාවරණය කළේය.
අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. පසුව, සියලු නිලයන් අමතමින් සිය ධුර කාලය තුළදී දක්වන ලද කැපවීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය පිරිනමනු ලැබීය.
තවද, නික්මයන සේනාවිධායක වෙත එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් සමරු තිළිණයක් ප්රදානය කරන ලද අතර, රෙජිමේන්තු සැරයන් මේජර් විසින්ද බළලත් නිලධාරීන් සහ සැරයන් නිවස්නයේ සියලුම සාමාජිකයින් වෙනුවෙන් සමරු තිළිණයක් ප්රදානය කරන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ අතර, එහිදී ඔවුන් සමඟින් සුහද කථා බහක නිරත විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.