යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අප්‍රේල් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව, එතුමන් එම බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සමඟින් එක්ව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් කපිතන් සාලිය අලදෙණිය නිලධාරිගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

ඉන් පසු, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව, නවතමයෙන් ඉදිකරන ලද ‘Rendezvous’ ක්‍රිකට් ක්‍රීඩාංගණය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. එහිදී, නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාවට එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.