15th August 2025
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 14 දින සිදුකරන ලදී.
මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එච්.එම්.ජී.ඊ හේරත් RSP USP ndu psc, මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc, මේජර් ජෙනරල් පී.එස්.ජේ.ඩී සමරසේකර RSP USP ndc psc, මේජර් ජෙනරල් එම්.ආර් රාසික් RSP ndu, මේජර් ජෙනරල් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc, මේජර් ජෙනරල් ටී.සී හරස්ගම RSP, මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc සහ මේජර් ජෙනරල් ඒ.පී.සී.ආර් ප්‍රේමතිලක RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ලාංඡන පළඳවා සුභ පැතුම් එක්කරමින් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටින ලදී.