යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක රාජකාරි අරඹයි

බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc විසින් 2025 ජුනි මස 23 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාවිධායක එම විද්‍යාලයේ අරමුණු, දැක්ම සහ මෙහෙවර සාක්‍ෂාත් කරගැනීම සඳහා සියලු සාමාජිකයන්ගේ දායකත්වය සහ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.