යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව නිලධාරි නිවස්නය විවෘත කරයි

නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරි නිවස්නය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රදානත්වයෙන් මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ 2025 ජුනි මස 5 දින විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකගේ අධීක්‍ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙම නිලධාරි නිවස්නය ඉදිකරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.