යුද්ධ හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු මුහුදේදී කොකේන් කිලෝග්‍රෑම් 250 ක් අත්අඩංගුවට ගනී

යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරකට අනුව, 'ප්‍රියංකා-6' (IMULA-A-1108GLE) නමැති බහුදින ධීවර යාත්‍රාව මඟින් මෙරටට හොර රහසේ රැගෙන එමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් පමණ සමඟ සැකකරුවන් හය දෙනෙකු දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරාය වෙත රැගෙන විත් ඇති අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලබයි.