2025-02-06
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවාස දෙකක් ඉඳිකෙරේ
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 3 හා 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත ඉඳිකරනු ලැබූ නව නිවාස දෙකක් 2025 පෙබරවාරි මස 3 දින කොමිෂන් නොලත් නිලධාරින් දෙදෙනෙකු වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මෙම ව්‍යාපෘතීන් සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය සහ ශ්‍රම දායකත්වය හිමිවිය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.