විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 නොවැම්බර් මස 03 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 08 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි මස 23 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 ජුනි මස 03 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් ptsc සිය හමුදා දිවිය තුළදී, කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපලේ වැඩපළ භාර නිලධාරි, රිවිරැස මෙහෙයුමේ ඉදිරි අලුත්වැඩියා කණ්ඩායමේ අණදෙන නිලධාරි, 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරි අණදෙන, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වැඩපළ භාර නිලධාරි, මඩකලපුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්ෂේත්‍ර වැඩපළේ නිලධාරි අණදෙන, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරි අණදෙන (වැඩපළ), කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ විධායක අධිකාරි, ජ්‍යෙෂ්ඨ වැඩපළ භාර නිලධාරි ක්ෂේත්‍ර වැඩපළ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ වැඩපළ භාර නිලධාරි, කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපලේ නිලධාරි අණදෙන (පාලන), 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, උඩවළව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ දෙවන අණදෙන නිලධාරි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ දෙවන අණදෙන නිලධාරි, 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - (නැගෙනහිර) කාර්යයේ නියුතු මාණ්ඩලික නිලධාරි I (භඨකාර්ය සම්පාදන), 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි, 61 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි I (භඨකාර්ය සම්පාදන), 58 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ සහකාර ව්‍යාපෘති කළමණාකාර, 52 පාබල සේනාංකයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන), ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම යුද්ධ හමුදා දිවිය තුළදී, ඒකක ගිණුම් තැබීමේ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරි මූලික පාඨමාලාව - බංගලාදේශය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපළ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු අලුත්වැඩියා කිරීමේ ඉංජිනේරු පාඨමාලාව - චීනය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව සහ තාක්‍ෂණික මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය තුළින් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ ඉන්දියාවේ සාවිත්‍රිබායි, ෆුලේ පූනේ විශ්වවිද්‍යාලය තුළින් විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය (හමුදා තාක්‍ෂණ) වැනි උසස් අධ්‍යාපන සුදුසුකම් ද සපුරන ලදී.