විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc 2025 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 අප්‍රේල් මස 29 දින පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 3 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc පකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 අප්‍රේල් මස 14 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 සැප්තැම්බර් 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 ඔක්තෝබර් මස 20 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරි, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ ඛණ්ඩ භාර නිලධාරි, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 23 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (මෙහෙයුම් සහ සම්බන්ධීකරණ), එවකට 22 පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් ජී එස් සී ෆොන්සේකා RWP RSP VSV USP rcds psc ගේ අධි සහායක, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 512 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (මෙහෙයුම්), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), සුඩානයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක, 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 4 අතිරේක භටපිරිස් බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 27 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 61 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (මෙහෙයුම්), ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (මෙහෙයුම්), යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (උත්සව)‍, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ කර්නල් (පාලන), 572 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පුහුණු සංකල්ප සහ අධීක්ෂණ අංශ ප්‍රධානි, යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනිකයන් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අධ්‍යක්‍ෂ, 59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මූලික බුද්ධි පාඨමාලාව, යාන්ත්‍රික ප්‍රවාහන පාඨමාලා නිලධාරි, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ පුණරීක්‍ෂන පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව වැනි දේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.

තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කෙඩෙට් නිලධාරී කෙටි කාලීන පාඨමාලාව - පාකිස්ථානය, රෙජිමේන්තු සංඥා නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලාව - පාකිස්ථානය සහ ආපදා සෞඛ්‍ය අංශ පාඨමාලාව - ඕස්ට්‍රේලියාව වැනි විදේශීය පුහුණු පාඨමාලා රැසක් ද හදාරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අධ්‍යාපනික පාඨමාලා වශයෙන් ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රවාහන පීඨයෙන් බහුමාධ්‍ය ප්‍රවාහන සහ සැපයුම් පිළිබඳ පදනම් පාඨමාලාව, භඨකාර්ය සම්පාදක සේවා භාණ්ඩ ප්‍රවාහන සහ බහුමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාව හා භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන ලදී.