22nd November 2025
විජයබාහු පාබල හමුදා සම්මන්ත්‍රණය - 2025 බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 22 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර පසුව, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. ඉන් අනතුරුව ප්‍රධාන දේශනය මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ (විශ්‍රාමික) RWP RSP ndu psc විසින් පවත්වන ලදී.
මෙම සම්මන්ත්‍රණය තාක්ෂණික සැසි දෙකකින් සමන්විත වූ අතර, එහිදී විෂය විශේෂඥයින් විසින් වෘත්තීය දැනුම සහ මෙහෙයුම් සූදානම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් හමුදා ආශ්‍රිත මාතෘකා රාශියක් ආවරණය වන පරිදි දේශන මාලාවක් පවත්වන ලදී.
වැඩසටහන අතරතුරදී, ආරාධිත කථිකයන්හට ඔවුන්ගේ දායකත්වය අගය කරමින් සහතික ප්‍රදානය කරන ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc ගේ අවසන් දේශනයෙන් සම්මන්ත්‍රණයේ කටයුතු අවසන් විය.
මෙම අවස්ථාවට සමගාමීව, රෙජිමේන්තුවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද නිලධාරී නිවස්න නවාතැන් සංකීර්ණයේ සමාරම්භක උත්සවය ද පැවැත්විණි. සම්මන්ත්‍රණයේ පළමු සැසියෙන් පසු, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රය සහ සෙසුනිලයන්ගේ නවාතැන් ස්ථානයන් නිරීක්ෂණය කරන ලදී.