සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකරගත් මාණ්ඩලික සැරයන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ නිල සංචාරයේදී එම බලකායේ මාණ්ඩලික සැරයන් කේ.එම්.සී.එස් කුලසේකර USP විසින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම ඇගයීමට ලක්කරමින් එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc සහ යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc සහභාගි වූහ.