14th January 2026
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන්, 2026 ජනවාරි මස 13 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහි නිල සංචාරයක නිරත විය.
මුලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි කර්නල් අමන්ඩා ජොන්ස්ටන් 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර් රාසික් RSP ndu විසින් පිළිගන්නා ලදී. අනතුරුව පැවති හමුවේදී යුද්ධ හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදු කළ අතර, එහිදී ප්‍රජා ව්‍යාපෘති, ආරක්‍ෂක තත්ත්වය සහ අනෙකුත් පොදු කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
හමුව අවසානයේදී, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කර්නල් අමන්ඩා ජොන්ස්ටන් අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබූ අතර, දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු RWP RSP USP සහභාගි විය.