26th February 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc 2026 පෙබරවාරි මස 24 දින කැළණිමුල්ලේ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කටුනායක පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත පැමිණි සේනාවිධායක එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව, බලඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව සේනාවිධායක විසින් එම කඳවුරු පරිශ්‍රයේ සමරු පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිට අණදෙන නිලධාරී විසින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී විය.
අනතුරුව, සේනාවිධායක භටපිරිස් ඇමතූ අතර එහිදී වෘත්තීය විශිෂ්ටත්වයේ පදනම ලෙස ස්වයං අවබෝධයේ වැදගත් වන බව අවධාරණය කළේය. හමුදා මෙහෙයුම්වලදී මෙන්ම සිවිල් කටයුතුවලදීද උපරිම දක්ෂතා දැක්වීම සහතික කිරීම සඳහා, සිය අනන්‍යතාවය, මෙහෙවර සහ නිශ්චිත අරමුණු පැහැදිලිව හඳුනා ගන්නා ලෙස සේනාවිධායක සියලුම සාමාජිකයන් දිරිමත් කළේය. පසුව, සේනාවිධායක වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කළේය.
ඉන් අනතුරුව, සේනාවිධායක 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සංචාරය කළ අතර, එහිදී එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් සේනාවිධායකව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර අනතුරුව භටපිරිස් විසින්කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු, අණදෙන නිලධාරි විසින් පාලන කටයුතු සහ බලඇණියේ වත්මන් මෙහෙයුම් තත්ත්වය පිළිබඳව සේනාවිධායකව දැනුවත් කරන ලදී. එහිදී භටපිරිස් ඇමතූ සේනාවිධායක, බලඇණියේ සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික උපදෙස් සහ එය සමස්ත සංවිධානයට බලපාන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. තවද, යහපත් විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ගැටලුවලින් තොර රාජකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධාරණය කළේය.
සේනාවිධායක කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කළ ඉන් අනතුරුව සේනාවිධායක විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාවිධායක වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.