ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සයිබර් ආරක්‍ෂණය සහ විද්‍යුත් සංග්‍රාමික සම්මන්ත්‍රණය - 2025 සාර්ථකව පවත්වයි

2025 සැප්තැම්බර් මස 12 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථන නිලධාරි නිවස්නයේදී ‘Securing the Digital Frontline’ යන තේමාව යටතේ සයිබර් ආරක්‍ෂණය සහ විද්‍යුත් සංග්‍රාමික සම්මන්ත්‍රණය - 2025 පවත්වන ලදී. මෙම වැඩසටහන 9 සහ 12 ශ්‍රී ලංකා සංඥා බලකායන් සමඟින් 2 සංඥා බලසේනාව එක්ව සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc සහභාගි විය.

මෙම වැඩසටහන සයිබර් සහ විද්‍යුත් සංග්‍රාමික යුධ අභියෝග පරිණාමය වීම පිළිබඳව සැසි වාර හතරක් යටතේ පැවැත් වූ අතර, එම සැසියන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින් වූ ලක්මාල් ඇඹුල්දෙණිය, ලසන්ත ප්‍රියංකර, ෂර්වින් ජෑන්සේ යන මහත්වරුන් සහ කර්නල් බී.පී උඩගේ USP හා ලුතිනන් කර්නල් ඒ.එම්.සී.කේ අතපත්තු USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙහෙයවන ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහා සංඥා බලකායේ නිලධාරින් 71 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, තොරතුරු තාක්‍ෂණ ආරක්‍ෂක නිලධාරින් 75 දෙනෙකු මාර්ගගතවද සහභාගි විය.