පාකිස්ථානයේදී පැවති Shake Hand II අභ්‍යාසය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගිතාව ශක්තිමත් කරමින් 2026 අප්‍රේල් මස 27 දින ආරම්භ කරන ලද 'Shake Hand II' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 මැයි මස 07 දින පකිස්ථානයේ ටර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වූ අවසාන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයකින් අනතුරුව නිමාවට පත් විය.
අභ්‍යාසය පැවැති කාලසීමාව පුරාවටම, සහභාගී වූ සඳහා සංකීර්ණ මෙහෙයුම් පරිසරයන් තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සටන් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණින් නිර්මාණය කරන ලද මෙම අභ්‍යාසයේදී කැරලි මර්දන උපක්‍රම, සමීප සටන් පුහුණුව(CQB), නගර බද සටන් (FIBUA) සහ කඹ ආදාරයෙන් හෙලිකොප්ටරයෙන් බැසීමේ අභ්‍යාසය (Rappelling) වැනි ප්‍රධාන පුහුණු මොඩියුලයන් ඇතුළත් විය.
ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc සහ පාබල අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර RSP psc ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව නැරඹීමට එක් වූහ. මීට අමතරව දෙරටේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.