නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 33 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් සිය වැටුප කළමනාකරණය කරගනිමින්, හමුදා දිවිය සහ පුද්ගලික ජීවිතය සමබර කරගැනීම සහ තමන්ගේ නිලයන්හි විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය අපේක්‍ෂාවන් සබැඳිව එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් දැනුවත් කළ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.