26th June 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc විසින් 2025 ජුනි මස 25 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කාර්යාල පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ සුබ මෙහොතින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. පසුව, නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර කලාපයේ ආරක්‍ෂාව සහ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම වෙනුවෙන් අණදෙන නිලධාරින් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය ස්තූතිය පිරිනැමීය. යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් සහ ඔවුන්ගේ කාර්යභාරයන්හි විනය සහ වෘත්තීය කුසලතාවයන් පවත්වාගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමේ වැදගත්කම පිළිබඳව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පෙන්වා දුන්නේය.
එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පිහිටි දිස්ත්‍රික්ක හතරක වෙසෙන ජනතාව වෙනුවෙන් ආරක්‍ෂාව සැපයීම සඳහා භටපිරිස් සතු වගකීම පිළිබඳවත් එහිදී අවධාරණය කෙරිණි. එසේම නව ආඥාපති විසින් ස්වභාවික විපත් වලදී ජනතාව ආරක්‍ෂා කරලීමේ වැදගත්කම සහ කලාපයේ පොදු අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව භටපිරිස් දැනුවත් කරන ලදී. අවසාන වශයෙන්, සිය දැක්ම පිළිබඳ පෙන්වාදෙමින් නැගෙනහිර කලාපයේ ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා වන පොදු අරමුණු පිළිබඳව ද ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය අදහස් දක්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, භඨකාර්ය සම්පාදක ආඥාපති - නැගෙනහිර, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් පිරිසක් සහභාගි වූහ.