2026-05-05

කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ ISO 9001:2015 සහතිකය ලබා ගනී

කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමිකර ගනිමින්, සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී.

සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026 මැයි 04 වන දින නාරාහේන්පිට පිහිටි එම ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය විසින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළෙහි සේනාවිධායක කර්නල් ජේ.එම්.ආර්. ජයසිංහ psc Lsc වෙත මෙම සහතිකය පිරිනමන ලදී.

මෙම සහතිකය පිරිනමනු ලැබුවේ පද්ධති සහ ක්‍රියා පටිපාටි පිළිබඳව සිදු කරන ලද විස්තීරණ ඇගයීමකින් පසුව වන අතර, උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක භාවයක් සහ කාර්යක්ෂමතාවයක් පවත්වා ගැනීම සඳහා සියලුම නිලයන් විසින් පෙන්නුම් කරන ලද කැපවීම සහ උද්‍යෝගය මෙයින් පිළිබිඹු වේ.