6th May 2025
කොළඹ, යුද්ධ හමුදා රෝහල සිය 11 වන සංවත්සරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම යටතේ කොළඹ, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස් දොඩන්ගොඩ RSP USP ගේ අධීක්‍ෂණය යටතේ 2025 මැයි 03 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
සංවත්සර උත්සවයට සමඟාමීව ගංගොඩවිල සිරි පන්නියාරාමයේ සහ ගාල්ල චෛත්‍යාලංකාර මහා විහාරයේ විහාරාධිපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශ ප්‍රධානී අතිපූජ්‍ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදී.
පසුදින, මහා සංඝරත්නයේ 25 නමක් උදෙසා හිල් දානය පිරිනමන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, විශ්‍රාමික නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වූහ.