කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106 සාර්ථකව අවසන්

අම්පාර, සටන් පුහුණු පාසලේදී පවත්වන ලද ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106’ පාඨමාලාවෙහි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 10 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP සහභාගි විය.

මාස තුනක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 45 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සහතිකපත්‍රය 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ටී.ඒ කුමාරසිංහ විසින් හිමිකර ගන්නා ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.