දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී SRIMED 2 වන මට්ටමේ රෝහලේ නිල සංචාරයක
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම දූත මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී ලීඩා ලිමාන් මහත්මිය, 2026 මැයි මස 07 වන දින බෝර් හි SRIMED 2 වන මට්ටමේ රෝහල වෙත නිල සංචාරයක් සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඩී.ආර්.එස්.ඒ. ජයමාන්න RSP USP විසින් එතුමියව පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, මේජර් එච්.පී.ඩී. ගල්ගොඩැල්ල USP විසින් රෝහලේ ක්‍රියාන්විත කටයුතු සහ එහි ඇති පුළුල් වෛද්‍යධාර හැකියාවන් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඉන්පසුව, දූත පිරිස රෝහලේ ප්‍රධාන සායනික හා සහායක අංශ ඇතුළු සමස්ත රෝහල් පරිශ්‍රය නිරීක්‍ෂණය කරනු ලැබීය. මෙහිදී බෝර් ප්‍රදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් මෙම රෝහලේ කාර්ය මණ්ඩලය දක්වන වෘත්තීය මට්ටම සහ කැපවීම ලීඩා ලිමාන් මහත්මියගේ ඇගයීමට ලක්විය. මෙම සංචාරය සනිටුහන් කරමින් ලීඩා ලිමාන් මහත්මිය වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.