ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ කැපවීම සහ අඛණ්ඩ සේවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමූහ ඡායාරූපයකට පෙනීසිටියේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර එහිදී ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවිය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.