2026-06-05
ඇඹිලිපිටිය ඇඟලුම් කම්හලක ඇති වූ ගින්න නිවා දැමීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
2026 ජුනි මස 3 වන දින ඇඹිලිපිටිය, නෝනගම සුදු පාලම අසල ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නක් නිවා දැමීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසලේ භටපිරිස් සිවිල් බලධාරීන්, සෙවනගල සහ ඇඹිලිපිටිය ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරනු ලැබීය.
එම සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු, භටපිරිස් විසින් කඩිනමින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීමට සහාය වූ බැවින් අසල ගොඩනැගිලි සහ ප්‍රදේශයන්ට ගින්න පැතිරීම වළක්වා ගැනීමට හැකි විය.
ගින්න සාර්ථකව පාලනය කර නිවා දැමීමෙන් පසු, එම ස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමට ද භටපිරිස් සහාය වූහ.