2026-05-07

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, 2026 මැයි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පැවැති නිල උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 51 වන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

ආගමික ආශිර්වාද මධ්‍යයේ, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සිය නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයට සංකේතාත්මකව අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.