2026-04-15

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ශ්‍රී නාගවිහාර විහාරස්ථානය වැඳපුදා ගනී

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu 2026 අප්‍රේල් මස 13 දින ඓතිහාසික යාපනය ශ්‍රී නාගවිහාර විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

මෙම සංචාරයේදී ආඥාපති විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන් සඳහාද එක් විය.