16th June 2025
23 බළඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 14 දින මුහමාලේ RCTM පාසලේදී ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එන් ප්‍රනාන්දු RSP ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය. එහිදී, හලෝ ට්‍රස්ට් බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයේ අරමුදල් මගින් ළමුන් 33 දෙනෙකු වෙත රුපියල් 200,000.00 ක් වටිනා පාසල් උපකරණ ලබා දෙනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, පාසල් කාර්ය මණ්ඩලය සහ ළමුන් සහභාගි වූහ.