211 වන පාබල බලසේනාවේ භටපිරිස් පරණගමවැව පාසල සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකරයි

211 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගජබාපුර, මු/පරණගමවැව පාසල සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකරන ලදී.

අලුතින් ඉදිකරන ලද මුළුතැන්ගෙය 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ඩී.පී සිරිවර්ධන psc විසින් 2025 ඔක්තෝබර් මස 10 දින පාසල් බලධාරීන්ට වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය අනුග්‍රහයකත්වය ගම්පහ ප්‍රදේශයේ දානපතියෙකු වන ආර්.ඒ.යූ රණසිංහ මහතා විසින් දක්වන ලද අතර, ඔහුගේ නොමසුරු දායකත්වය හේතුවෙන් මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.