211 සහ 543 පාබල බලසේනාවන් හි භටපිරිස් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සඳහා දයකත්වය දක්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම යටතේ සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 211 පාබල බලසේනාවේ, 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 07 දින පදවිය රෝහලේ දි පැවති රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනකදී ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ලදී. කොළඹ, රාජකීය විද්‍යාලයේ රතු කුරුස සංගමය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවේ 46 වන වාර්ෂික රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසය.

තවද, ජාතික රණවිරු දිනය සහ ජාත්‍යන්තර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සඳහා, 543 පාබල බලසේනාව විසින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 14 දින සංවිධානය කරන ලදී. 54 පාබල සේනාංකයේ භටපිරිස් 125 කට ආසන්න පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා සහභාගි විය.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්.එච්.එම් අසාත් මහතා විසින් විශේෂ දේශනයක් පවත්වන ලද අතර, එලායන්ස් ෆිනෑන්ස් පුද්ගලික අයතය විසින් රුධිරය පරිත්‍යාගශිලීන් සඳහා ආහාර වේලක් ලබාදෙන ලදී.