21 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනංක මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක එච්.එම් චාන්දනී තමාරා සෙනවිරත්න මහත්මිය විසින් ‘අන්තරායක ඖෂධ වැළැක්වීම සහ ඒවායේ ආර්ථික හා සමාජීය බලපෑම’ යන තේමාව ඔස්සේ මෙම දේශනය පවත්වන ලදී.

මෙම දේශනය සඳහා නිලධාරින් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 70 දෙනෙකු සහභාගි වූහ.